දෙවන වතාවටත් වැටී නැගිට සිටි භාතිය

2025 ජූනි 13කියවීම මිනිත්තු 1 යි
දෙවන වතාවටත් වැටී නැගිට සිටි භාතිය

දෙවන වතාවට ඇද වැටුන භාතිය අදත් යන්ත්‍රෝපකරණ ආධාරයෙන් නැගිටවයි‼️

ශරීරය වැහැරී දුර්වල මට්ටමක සිටින භාතිය ඇතා මේ වන විට දලදාගම ප්‍රදේශයට කිට්ටුව පොල්පිතිගම වැව ආශ්‍රිතව සිටි අතර ඊයේ දින ඇතාට ආහාර ලබා දීමට වනජීවි නිලධාරී මහත්මයා නොසිටි නිසා ඔහු සවස 5ට පමණ පැමිණීමෙන් පසු ආහාර ලබා දුන්නා. එදින උදෑසන සිටම ආහාර නොලැබීමෙන් ඇතා බොහෝ දුරට යම් දුර්වල මට්ටමකට පත්ව සිටියා විය හැක.

එසේ තිබිය දී අද දින එම ප්‍රදේශයේම වැටී සිටියදී හමු වූ අතර ප්‍රතිකාර කිරීමට නියමිතව තිබූ දිනයක් බැවින් පශු වෛද්‍ය කණ්ඩායමද ඒ අවස්ථාවේ පැමිණ ප්‍රතිකාර ලබා දීමෙන් පසු සන්ධ්‍යාව වන විට නැවත යන්ත්‍රෝපකරණ ආධාරයෙන් නැගිටවීම සිදු කර ඇත. නමුත් ඇතාගේ ශරීරය බොහෝ සෙයින් වැහැරී ඇති බව පෙනේ.

ආහාර ලබාදීමට වෙනත් පුද්ගලයෙකු ද පුහුණු නොකරන්නේ මන්ද කියා සියලු දෙනාටම ප්‍රශ්නයකි. වනජීවී දෙපා‍ර්තමේන්තුව නැවත නැවත පෙර සිදු වූ වැරදි ක්‍රියාවන් සිදුවීමට ඉඩ හරින්නේ ඇයි??

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...