වෙඩි පහරින් මිය ගිය පාලුකඩවල වන අලියා

2025 ජූනි 13කියවීම මිනිත්තු 1 යි
වෙඩි පහරින් මිය ගිය පාලුකඩවල වන අලියා

දක්ෂ වෙඩික්කරුවෙකු හිසට තැබූ වෙඩි පහරින් මිය ගිය වන අලියා‼️


පාලුකඩවල වැව ආශ්‍රිතව පිහිටා තිබෙන කුරුන්දෑව ප්‍රදේශයේ ඊයෙ දින අලි මරණයක් වාර්තා වීමත් සමඟ අපද එම ස්ථානයට ඊයේ(13) වාර්තා කළා. එහිදී දැකගත හැකිවූයේ අවුරුදු 10ක් පමණ වන අලියෙකු දණ ගසා සිටි ආකාරයෙන් ම මියගොස් ඇති බවයි. වෙඩි සළකුණු අධ්‍යනය කිරීමේදී දැකගත හැකිවූයේ වෙඩි පහරවල් නළලටම එල්ල කර ඇති බවයි.


එම ස්ථානය පාලුකඩවල වැවේ සිට අලි ගමන් කරන මාර්ගයකි. බොහෝදුරට දඩයක්කරුවෙකුට හදිසියේ මුණගැසීමත් සමඟ හිසටම වෙඩි තබා ඝාතනය කර ඇති බව පැහැදිලි වේ. ඉතාමත් ආසන්නයේ සිට ඉලක්කය ලබා ගෙන ඇති අතර එම ස්ථානයේම අලියා පතිත වී ඇත.


කෙසේ වෙතත් ඊයේ කලාපය භාර පශු වෛද්‍යවරයාට මරණ පරීක්ෂණය පැවැත්වීමට පැමිණීමට නොහැකි වූ අතර අද දිනයේද භාතිය ඇතුගේ කාර්‍යභාර්‍ය නිසා බොහෝදුරට කාලය මදිවෙන්නට ඇත. දින දෙකක් ගත වී ඇතත් තවමත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නොහැකි වීම කණගාටුවට කාරණයකි. අද දින වන විටද මළ සිරුර දුගද හමන අතර කෙටි වැසි වාර කිහිපයක්ද ඇද හැලුනි. ගල්ගමුව ප්‍රදේශයට පශු වෛද්‍ය ඒකකයක අවශ්‍යතාව පෙන්වීමට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...