
වන අලි මරණයට පත් කිරීම සඳහා ඔවුන් ඉලක්ක කර හක්කපටස් භාවිතා කළ පුද්ගලයෙකු 2025 අගෝස්තු 01 දින ගල්ගමුව වනජීවී නිලධාරීන් ගල්ගමුව, නාහෙට්ටිකුලම ප්‍රදේශයේ කළ වැටලීමක දී අල්ලා ගැනීමට හැකි විය.
ඉන්පසු 11/13 දින නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් උසාවියෙන් විභාගයට ගෙන සැකකරුට රු 150,000ක දඩ නියම කෙරුනා.
මෙම ක්‍රියාවලිය සහ නීති කටයුතු නිවැරදිව සිදු කළ ගල්ගමුව වනජීවී නියාමකතුමා ඇතුළු වනජීවී නිලධාරීන්ට ස්තූතිවන්ත වන අතර මෙලෙස විශාල ප්‍රමාණවල දඩ නියම කිරීම්වලින් අපරාධ වලක්වා ගැනීමට මූලික අඩිතාලම වනු ඇත.
ගැටදිවුල ප්‍රදේශයෙන් හමුවන ආබාධිත බොහෝ අලි ඇතුන්ට අනතුරු සිදුවන්නේ එම ප්‍රදේශවලින් වන අතර ඒ ප්‍රදේශවල සිටින වනජීවී අපරාධකරුවන්ට දඩුවම් ලබා දිය යුතුය.
Loading comments...