
මෙලෙස ගල්ගමුව, නාන්නේරිය ප්‍රදේශයේ හිසට වෙඩි වැදී ඇති බවට සැක කළ හැකි වන අලියෙකු පිළිබඳ ඊයේ වාර්තා කළ අතර වනජීවී නිලධාරීන් ද එහි පැමිණ එහි කටයුතු සොයාබලා පශු වෛද්‍ය කණ්ඩායම් දැනුවත් කළා. 
නමුත් ඒ සඳහා ඒ අවස්ථාවේ එක් වෛද්‍යවරයෙකුටවත් පැමිණීමට නොහැකි තත්වයක් නිසා අද දින පැමිණීමට නියමිතව තිබුණත් ඊයේ රාත්‍රියේ මෙලෙස වන අලියා මියගොස් තිබුණා. 
ගල්ගමුවේ දී හිසට වෙඩි තැබීමෙන් මීට පෙර පාලුකඩවල දී වන අලියෙකු මිය ගිය අතර අපරාධකරුවන් සොයා දඬුවම් කිරීමට නොහැකිවී ඇත. දඬුවම් නොලැබෙන තාක් මෙවැනි අපරාධ නොනවතිනු ඇත.
Loading comments...