අලි සහ මිනිසුන් අතර හදිසි සිදුවන අහඹු හමුවීම් නිසා බොහෝ මිනිස් හා අලි ජීවිත මේ වන විට නැතිවී ඇත. එම ගැටලුවට විසඳුමක් ලෙසින් පැන නැගුන මෙම අදහස ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ අප උසස්පෙළ පාසල් වයසේදීය. (2023) නමුත් ඒ දිනවල සෑදීමට හැකිවූයේ Google Play Store සඳහා පමණක් සහ සීමිත features සහිතවයි. Apple App Store සඳහා සෑදීමට අධික වියදම් නිසා එය පසුවට දමා කාලය බොහෝ සෙයින් ගෙන අප Android ආකාරයේ යෙදවුම වසරක් පමණ ගෙන නිවැරදිව සැලසුමකට අනුව නිර්මාණය කරා. පසුව App Store සඳහා නිර්මාණය කිරීමට බොහෝ අනුග්‍රාහකයින්ගේ සහාය ඇතිව මේ වන විට අවසන් කරගැනීමට අපට හැකිවුනා. එබැවින් ජූලි මාසයේ මුලදී මෙය ජනගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර එය ජූලි මාසයේදී බොහෝ දෙනෙකුට භාවිතා කළ හැකිවනු ඇත.
ප්‍රධාන වශයෙන්, අලි ගැවසෙන ප්‍රදේශවල වන අලියෙක් සිටිනව නම් එම ප්‍රදේශයේ (අවට 5km දක්වා) පරිශීලකයන් දැනුවත් කිරීමට (notification) හැකි අතර ම සෑම පරිශීලකයෙකුට අලි වාර්තා කර තම ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට හැකිය. එයින් බොහෝ ලෙස ගම්වැසියන්ට දැනුවත්වීමක් ලැබෙන අතර එවිට ප්‍රවේශම් සහිතව තම එදිනෙදා කටයුතු ගෙන යා හැක.
අලි මරණ, වනජීවී අපරාධ, මිනිස් මරණ, ප්‍රතිකාර අවශ්‍ය වන අලි ද මෙම යෙදවුම හරහා වාර්තා කළ හැකි වේ.
සීමාසහිත feature එකක් ලෙසින් ඇතුන් වාර්තා කිරීම හා ඔවුන්ගේ ගමන් මාර්ග සටහන් කිරීමට ද හැකියාවක් ඇත. නමුත් එය සියලු පරිශීලකයන්ට නැරඹිය නොහැක.
කෙසේ වෙතත් ඉක්මනින් ජනතාව මේ පිළිබඳ දැනුවත් කර මෙම ජාතික සේවය ලබාදීම අපගේ අරමුණයි. මෙම Facebook පිටුවේ ද අභිප්‍රාය වන්නේ ද මෙම යෙදවුම ජනගත කිරිමයි!!
Loading comments...