අද දවසට අලි මරණ 05ක්‼ 2025 අලි මරණ දහස ඉක්මවයිද?

2025 ඔක්තෝබර් 27කියවීම මිනිත්තු 1 යි
අද දවසට අලි මරණ 05ක්‼ 2025 අලි මරණ දහස ඉක්මවයිද?

අද රාත්‍රී 8.30ට පමණ ගල්ගමුව හා අඹන්පොළ අතර දී වන අලි දෙදෙනෙකු ගැටී ඇති අතර එහිදී පැටවෙකු දුම්රියට සිරවී එම ස්ථානයේම මිය ගොස් ඇත. අනෙක් අලියා එම ස්ථානයේ නොමැති අතර රංචුව සමඟ බොහෝදුරට ආබාධිතව ගමන් කර ඇත. රංචුව බොහෝ වෙලාවක් එම ස්ථානයේ රැඳී ඇත.

අවසන් වරට ගල්ගමුව ආශ්‍රිතව දුම්රිය අනතුරක් සිදුවූයේ 2023 වර්ෂයේදීය.
ගැටදිවුල අලි මංකඩ අවහිරවී මෙලෙස සිදුවීමට බොහෝ ඉඩකඩ ඇති බවට මීට සති දෙකකට පමණ අප වාර්තා කළ අතර බලධාරින් කිසිදු පියවරක් ගත්තේ නැත.

කෙසේ වුවත් අද දිනට පමණක් වන අලි 05ක් මිය ගිය බවට ප්‍රසිද්ධ වූ මරණවලින් වාර්තා වී ඇත.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...