දින ගණනකින් පසු භාතියට නින්දක්..

2025 ජූලි 6කියවීම මිනිත්තු 1 යි
දින ගණනකින් පසු භාතියට නින්දක්..

භාතිය ඇතාට හමුදාවේ ද සහාය ඇතිව ප්‍රතිකාර කිරීමට ඊයේ ආරම්භ වූ අතරම පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයෙන්ද සහයෝගය ලැබිණි. එහි මහාචාර්‍ය අශෝක දංගොල්ල මහතාද අද ප්‍රතිකාර සඳහා එම ස්ථානයට පැමිණි අතර ඇතා සිටි වලේ ජලය සම්පූර්ණයෙන් ඉවත් කර ඇත. එම නිසා ඇතාට වෙනදාට වඩා සුවදායි නින්දක් අද දින ලබාගෙන ඇත. වෙනදා හුස්ම ගැනීමට නිතරම සොඬ ජලයෙන් උඩට ගැනීමට සිදුවිය.

දොඹකරයක් ආධාරයෙන් එසවීමට කටයුතු කළ ද එහිදී ඇතාට සිට ගැනීමට නොහැකි නිසා මඳක් ඔසවා ලේ ගමනාගමනය මඳක් වෙනස් කොට නැවත සිටි ස්ථානයෙන්ම තබා ඇත.

රුධිර පරීක්ෂණ වාර්තා සමඟ ඒවායේ වරදක් නොමැති බවත් පෝෂණයේ කුඩා අඩුවක් ඇති බවට වාර්තා වී ඇත. අද දිනයේ සවස වන විට ඇතා හොඳින් ආහාර ලබා ගෙන ද ඇත. දැන්වත් නිසි ලෙස රෝග විනිශ්චය කර නිවැරදි ලෙස ප්‍රතිකාර කිරීම පිළිබඳ වෛද්‍යවරුන්ගේ අවදානයට ලක්විය යුතුයි.

තවමත් බලාපොරොත්තු දෙන භාතිය, උබ නැගිටිනකල් අපි බලන් ඉන්නවා!!

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...