හිසට වෙඩි තැබීමෙන් හිඟුරක්ගොඩ දී අලියෙක් ඝාතනය කරයි

2025 සැප්තැම්බර් 22කියවීම මිනිත්තු 1 යි
හිසට වෙඩි තැබීමෙන් හිඟුරක්ගොඩ දී අලියෙක් ඝාතනය කරයි

කොටන තුවක්කුවකින් හිසට එල්ල කල වෙඩි පහරකින් හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පලුවද්දන ගම්මානයේ ගෙවත්තක වෙඩි තබා ඝාතනය කල වන අලියෙකුගේ මළ සිරුරක් අද සොයා ගෙන තිබෙනවා.

කඩුඩුල්ල රක්ෂිතය ආශ්‍රිතව සැරිසැරූ වයස අවුරුදු 20ක් පමණ වන උස අඩි හය හමාරක් වන අලියෙකු මෙසේ මරා දමා තිබෙනවා.

ගෙවත්තේ හිමියා මේ වන විට එහි නොමැති අතර නිලධාරීන් ඔහුව ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතය.

Comments

(0)
Please keep your comments kind and respectful

Loading comments...